ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු ස්ටාර්ක්රාෆ්ට් (StarCraft) ක්‍රීඩාව නැවතත් කරළියට එනවා කියලා බ්ලිසාඩ් එන්ටර්ටේන්මන්ට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කළා. හැබැයි මේ පාර එන්නේ අපි කලින් දැකපු ස්ට්‍රැටජි ක්‍රීඩාවක් විදිහට නෙවෙයි. අලුත්ම ආරංචි වලට අනුව, මේක ‘ඕපන් වර්ල්ඩ් ෂූටර්’ (Open-world shooter) ගණයට අයත් වෙන ක්‍රීඩාවක්. ස්ටාර්ක්රාෆ්ට් 2 සිදුවීම් මාලාවෙන් අවුරුදු 70කට පස්සේ සිදුවන කතාවක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේක තනි ක්‍රීඩකයෙකුට (Single-player) සෙල්ලම් කරන්න පුළුවන් කතාවක් මත පදනම් වුණු ක්‍රීඩාවක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ.
මේ ක්‍රීඩාවේ නිර්මාණ අධ්‍යක්ෂක ඩෑන් හේ පවසන විදිහට, මනුෂ්‍යයන් සහ සර්ග් (Zerg) කියන භයානක ජීවීන් අතර සිදුවන දරුණු සටන් මෙහිදී ඉතාම යථාර්ථවාදීව දැකගන්න පුළුවන්. තෙවන පුද්ගල දෘෂ්ටි කෝණයකින් (Third-person) සෙල්ලම් කරන්න ලැබෙන නිසා, ස්ටාර්ක්රාෆ්ට් වල ඉන්න මැරීන් සෙබළුන්ගේ සන්නාහ සහ අවි ආයුධ ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා. දැනට ලැබෙන තොරතුරු අනුව මේකේ ලයිව්-සර්විස් හෝ සීසන් ක්‍රමවේදයන් නැහැ. කොහොම වුණත්, මේ ක්‍රීඩාව රසිකයන් අතට පත් වෙන්නේ 2030 වසරේදී විතරයි. තව ගොඩක් කාලයක් බලාගෙන ඉන්න වුණත්, ස්ටාර්ක්රාෆ්ට් ලෝලීන්ට නම් මේක ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් වෙයි.

Discussion & Feedback