ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ කතාව අලුත්ම විදියකට අත්විඳින්න රසිකයන්ට ඉක්මනින්ම පුළුවන් වෙයි. ‘මොරියාටි රයිසින්’ (Moriarty Rising) නමින් හැඳින්වෙන මේ අලුත්ම නිර්මාණය, ෂර්ලොක්ගේ පරම හතුරා වන ජේම්ස් මොරියාටිගේ පසුබිම ගැනයි කතා කරන්නේ. ඉතාලියේ ටියුරින් නුවරදී රූගත කිරීම් අවසන් කරලා තියෙන මේ කතාවේ මොරියාටි විදියට රඟපාන්නේ ඊතන් වෝන්. ෂර්ලොක් හෝම්ස් විදියට ෆෝඩ් ලීලන්ඩ් සහ ජෝන් වොට්සන් විදියට සියරන් ක්‍රෙස්වෙල් රංගනයෙන් දායක වෙනවා. මේ කතාව වර්තමාන කාලයට ගැලපෙන විදියට නිර්මාණය කරලා තියෙන එක විශේෂත්වයක්.
කතාවේ හැටියට මොරියාටි කියන්නේ ඇමරිකාවේ ඉඳන් ඉතාලියට එන දක්ෂ ගණිත ශිෂ්‍යයෙක්. එයා එතනදී මිනිස් හැසිරීම් සහ බිය පාලනය කරන විදිය ඉගෙන ගන්නවා. ඒ අතරේ ෂර්ලොක් හෝම්ස් ද එතනට එන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහායි. පසුව ප්‍රසිද්ධ පොප් ගායිකාවකගේ දියමන්ති මාලයක් සොරකම් කිරීමත් එක්ක ෂර්ලොක් සහ මොරියාටි අතර ගැටුම පටන් ගන්නවා. මේක සාමාන්‍ය චිත්‍රපටයක් විතරක් නෙවෙයි, කොටස් වශයෙන් විකාශය වන කතා මාලාවක් විදියටත් නිර්මාණය වෙනවා. ඇලෙසියෝ ලිගුරි අධ්‍යක්ෂණය කරන මේ නිර්මාණය, ෂර්ලොක් සහ මොරියාටි අතර තිබුණු වෛරය පටන් ගත්තේ කොහොමද කියලා අලුත් පරම්පරාවට පෙන්නලා දෙනවා. දැනට මේකේ නිල නිකුත් කිරීමේ දිනයක් ප්‍රකාශ කරලා නැති වුණත්, රසිකයන් මේ වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback