පාපන්දු ලෝකයේ ඉන්න සුපිරි තරු අතරේ තමන්ගේ දිගු කොණ්ඩය නිසා හරිම ජනප්‍රිය වෙලා හිටපු මැන්චෙස්ටර් සිටි ප්‍රහාරක ක්‍රීඩක අර්ලින්ග් හාලන්ඩ් මේ දවස්වල අලුත්ම පෙනුමකින් කරළියට ඇවිත් තියෙනවා. අලුත් ප්‍රිමියර් ලීග් තරග වාරය ආරම්භ වෙන්න කලින් තමන්ගේ දිගු කොණ්ඩය කපලා දාලා ‘බස් කට්’ (buzzcut) විලාසිතාවට මාරු වෙන්න හාලන්ඩ් තීරණය කරලා තියෙන්නේ. මේ වෙනස ගැන එයා සමාජ මාධ්‍ය ඔස්සේ ‘අලුත් තරග වාරය, අලුත් පෙනුමක්’ කියලා සටහනකුත් තියලා තිබුණා. බොරුසියා ඩෝට්මන්ඩ් කණ්ඩායමේ හිටපු කාලේ ඉඳන්ම දිගු කොණ්ඩයකින් දැකපු හාලන්ඩ්ගේ මේ වෙනස ගොඩක් දෙනෙක් පුදුමයට පත් කළා.
මේ අලුත් පෙනුම ගැන හාලන්ඩ් තමන්ගේ යාළුවන්ට වීඩියෝ කෝල් කරලා පෙන්නද්දී හරිම විනෝදජනක ප්‍රතිචාර තමයි ලැබුණේ. ජැක් ග්රීලිෂ් සහ පෙප් ගාඩියෝලා මේ අලුත් පෙනුමට ගොඩක් කැමති වුණත්, සුපිරි ක්‍රීඩක ස්ලාටන් ඉබ්‍රහිමොවිච් නම් මේ ගැන හිටියේ හරිම තරහින්. ‘කොණ්ඩය කැපුවොත් ඔයාගේ ශක්තිය නැති වෙනවා’ කියලා කලින් අනතුරු ඇඟෙව්වත් හාලන්ඩ් ඒක අහපු නැති නිසා, ‘මගේ නම්බර් එක ඩිලීට් කරලා දාන්න’ කියලා ස්ලාටන් විහිළුවට වගේ කියලා තිබුණා. කොහොම වුණත්, මේ අලුත් පෙනුමත් එක්ක හාලන්ඩ් ඉදිරි තරගවලදී තවත් ගෝල රැසක් වාර්තා කරයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback