මේ දවස්වල මහ බැංකුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විදිහට පෙනී ඉඳිමින් ඔබේ බැංකු ගිණුම්වල තියෙන සල්ලි කොල්ලකන අලුත්ම වංචාවක් ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. මේ වංචාකාරයෝ මුලින්ම දුරකථන ඇමතුම් හෝ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙලා, ඔබේ ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ගැන තොරතුරු අහනවා. ඊට පස්සේ, ඔබේ සල්ලි හොර පාරෙන් හම්බුන ඒවා කියලා බය කරලා, පොලිස් පරීක්ෂණයක් එනවා කියලා තර්ජනය කරනවා. මේ සඳහා ඔවුන් ව්‍යාජ ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ අත්සන් සහ මුද්‍රා පවා පාවිච්චි කරන නිසා ඕනෑම කෙනෙක්ව පහසුවෙන් රවට්ටන්න පුළුවන්.
මේ වංචාකාරයෝ කියන්නේ තමන්ගේ ගිණුමට සල්ලි ටිකක් මාරු කරන්න කියලා. මුලින්ම තැන්පතුවෙන් භාගයක් මාරු කරන්න කියලා කියන අතරේ, ඒක විශ්වාස කරන්න පොලිස් නිලධාරීන්ගේ වගේ පෙනෙන හැඳුනුම්පත් සහ නිල ඇඳුම් පවා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන් ඉලක්ක කරගෙන මේ වංචාව සිද්ධ වෙන නිසා, ඔබේ පවුලේ ඉන්න වැඩිහිටියන්ව මේ ගැන දැනුවත් කරන්න. කිසිම කෙනෙක් දුරකථනයෙන් කතා කරලා ඉල්ලන මුදල් හෝ බැංකු තොරතුරු ලබා දෙන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා. මොනම හේතුවකටවත් නාඳුනන ගිණුම්වලට සල්ලි මාරු කරන්න එපා. මොකක් හරි සැකයක් තියෙනවා නම් වහාම ඔබේ බැංකුවට හෝ පොලිසියට දැනුම් දෙන්න.

Discussion & Feedback