මේ දවස්වල Resident Evil ක්රීඩාවට තියෙන ජනප්රියත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් Capcom සමාගම මේ පාර රසිකයන්ව පුදුම කරවන්න තවත් අලුත් වැඩක් පටන් අරන්. ඒ තමයි ජපානයේ Universal Studios එකේ හඳුන්වා දීලා තියෙන ‘Resident Evil Requiem: The Dive’ කියන අලුත්ම ආකර්ෂණීය අත්දැකීම. මේක හරියටම Resident Evil Requiem ක්රීඩාවේ තියෙන භයානක පරිසරය මැවෙන විදිහට හදපු horror maze එකක්. මෙතනදී ඔයාලට Wrenwood Hotel එකේ සහ Rhodes Hill Chronic Care Center එකේ තියෙන බියකරු අත්දැකීම් සජීවීවම විඳගන්න පුළුවන් වෙනවා.
මේ ආකර්ෂණය ගැන දැනගත්ත ගමන් ලෝකේ පුරා ඉන්න Resident Evil රසිකයෝ ගොඩක් උද්යෝගයෙන් කතා වෙන්න පටන් අරන්. ගොඩක් අය කියන්නේ මේ වගේ අත්දැකීමක් ජපානයට විතරක් සීමා නොකර ලෝකේ අනිත් රටවල Universal Studios වලටත් ගේන්න ඕනේ කියලයි. විශේෂයෙන්ම ක්රීඩාවේ ඉන්න බියකරු චරිත සහ දර්ශන සැබෑ ලෝකේ දකින්න ලැබෙන එක රසිකයන්ට ලොකු සතුටක්. මේ අත්දැකීම 2026 සැප්තැම්බර් 11 ඉඳන් දෙසැම්බර් 26 වෙනකම් ක්රියාත්මක වෙන නිසා, මේ කාලේ ඇතුළත ජපානයට යන අයට අනිවාර්යයෙන්ම මේ භීෂණය අත්විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් Resident Evil පිස්සෙක් නම් මේ අවස්ථාව මගහැරගන්න එපා.

Discussion & Feedback