පෘථිවියට කිලෝමීටර් 35,786ක් ඉහළින් පිහිටි භූ-ස්ථායී කක්ෂයේ (GEO) සිදුවන දේවල් තවදුරටත් රහසක්ව පවතින්නේ නැහැ. සැන් ෆ්රැන්සිස්කෝ නුවර පදනම් කරගත් ඇස්ට්රානිස් (Astranis) සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් ‘පර්සෙප්ටර්’ (Perceptor) නම් චන්ද්රිකා මාලාව මගින් අභ්යවකාශයේ සැරිසරන අනෙකුත් චන්ද්රිකා ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා. දැනටමත් අභ්යවකාශයේ විවිධ රටවල් අතර පවතින තරඟකාරීත්වය සහ ඔත්තු බැලීම් වැනි ක්රියාකාරකම් නිසා මෙම නව තාක්ෂණය අතිශය වැදගත් වන බවයි එම සමාගම පවසන්නේ.
මෙම පර්සෙප්ටර් චන්ද්රිකා සතුව ඉතා දියුණු සංවේදක පද්ධතියක් තිබෙනවා. එමගින් වෙනත් චන්ද්රිකාවල ක්රියාකාරකම් මැන බැලීමටත්, හදිසි දෝෂයක් සිදුවූ විට ඒවා නිරාකරණය කිරීමටත් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රුසියාව සහ චීනය වැනි රටවල චන්ද්රිකා මගින් ඇමරිකානු චන්ද්රිකා අසලට පැමිණ සිදුකරන අසාමාන්ය ක්රියාකාරකම් හඳුනා ගැනීමට මෙම පද්ධතිය මහත් රුකුලක් වේවි. විදුලි බලයෙන් ක්රියාත්මක වන මෙම චන්ද්රිකා ඉතා පහසුවෙන් කක්ෂය තුළ ගමන් කරමින් තමන්ට අවශ්ය ඕනෑම ස්ථානයක් නිරීක්ෂණය කිරීමට සමත් වෙනවා.
අභ්යවකාශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පියවරක් ගැනීම කාලීන අවශ්යතාවක් බව ඇස්ට්රානිස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ජෝන් ගෙඩ්මාර්ක් පවසනවා. අභ්යවකාශයේ පවතින ‘අන්ධ ලප’ හෙවත් නිරීක්ෂණය කළ නොහැකි ප්රදේශ මගින් අනාගතයේදී විශාල තර්ජන එල්ල විය හැකි බවත්, පර්සෙප්ටර් මගින් එම අවදානම් මගහරවා ගැනීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මෙම චන්ද්රිකා අභ්යවකාශගත කරන නිශ්චිත දිනයක් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Discussion & Feedback