ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය මගින් ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් රැසක රැකියා අවස්ථා රැසක් මේ වන විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රය, තාක්ෂණික අංශ, සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, ප්‍රවාහන, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් ක්ෂේත්‍ර ඇතුළු අංශ රැසක රැකියා සඳහා මේ වන විට බඳවා ගැනීම් ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා දක්ෂ, අර්ධ දක්ෂ සහ වෘත්තීය මට්ටමේ ශ්‍රමිකයන්ට ඉතා අඩු පිරිවැයකින් අයදුම් කරන්න පුළුවන්.
විශේෂයෙන්ම පාසල් හැර යන සිසුන්ට ජපානයේ ට්‍රක් රථ රියදුරු රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය ජපන් භාෂා දැනුම තිබීම අනිවාර්යයි. මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න සහ අයදුම්පත් යොමු කරන්න ඕන නම් ඔබට http://www.slfea.lk කියන වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජාත්‍යන්තර වෙළඳපොළේ වැඩි අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
තවද, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට ගුවන් ටිකට්පත් ලබා ගැනීමට හැකි වන පරිදි විශේෂ ගුවන් ටිකට්පත් අලෙවි මධ්‍යස්ථානයක් ද නියෝජිතායතනය විසින් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේක ඉතා හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්.

Discussion & Feedback