ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 567ක දඩයක් නියම කර තිබෙනවා. මීට පෙර මාර්තු මාසයේදී පැනවූ ඩොලර් මිලියන 375ක දඩයත් සමඟ මෙටා සමාගමට ගෙවීමට සිදුවන මුළු මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිතය නිසා ළමයින්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම් සහ ඇබ්බැහිවීම් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක තීන්දුවක් ලෙසයි මෙම දැවැන්ත දඩ මුදල නියම කර ඇත්තේ. මෙටා සමාගම ලාභය සහ පරිශීලකයන්ගේ නිරතවීම පමණක් අරමුණු කරගෙන ළමයින්ගේ ආරක්ෂාව නොසලකා හැර ඇති බව නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීතිපතිවරයා පවසනවා.
මෙම තීන්දුවත් සමඟ මෙටා සමාගමට සිය වේදිකාවල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා ‘Like’ ගණන පෙන්වීම සීමා කිරීම, රාත්‍රී 10 සිට උදෑසන 7 දක්වා කාලය තුළ දැනුම්දීම් (Push notifications) යැවීම නැවැත්වීම සහ මසකට පැය 90කට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම වැනි දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. ලිංගික සූරාකෑම් සහ අධ්‍යාපනයට බාධා කිරීම් වැනි බරපතළ ගැටලු රැසක් මෙටා සමාගමේ වේදිකා හරහා සිදුවන බව අධිකරණය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා. තමන් සෑම විටම ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්, මෙම චෝදනා සත්‍ය තත්ත්වය වැරදි ලෙස නිරූපණය කරන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Discussion & Feedback