සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන්ට සිදුවන මානසික බලපෑම් සහ ඇබ්බැහිවීම් සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙටා සමාගමට දැඩි තීන්දුවක් ලබා දී තිබෙනවා. මීට පෙර මාර්තු මාසයේදී පැනවූ ඩොලර් මිලියන 375ක දඩයට අමතරව, තවත් ඩොලර් මිලියන 567ක දඩයක් ගෙවන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ. ඒ අනුව මෙටා සමාගමට ගෙවීමට සිදුවන මුළු දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ යනවා. දරුවන් ලිංගික සූරාකෑමට ලක්වීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීම වැනි බරපතල ගැටලු රැසක් මෙටා සමාගමේ වේදිකා නිසා සිදුවන බව අධිකරණය පෙන්වා දෙනවා.
මෙම නියෝගයත් සමඟ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සිටින අවුරුදු 18ට අඩු දරුවන් සඳහා මෙටා සමාගමට නව සීමාවන් පැනවීමට සිදුවනවා. ඒ අනුව, දරුවන්ගේ පෝස්ට්වලට ලැබෙන ‘Like’ ගණන පෙන්වීම සීමා කිරීම, රාත්‍රී 10 සිට උදෑසන 7 දක්වා කාලය තුළ දරුවන්ට ලැබෙන දැනුම්දීම් (Push notifications) අත්හිටුවීම සහ මසකට පැය 90කට වඩා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම වැනි නීති ක්‍රියාත්මක කළ යුතුයි. සමාගම ලාභය සහ පරිශීලකයන්ගේ ඇබ්බැහිවීම් මූලික කරගෙන කටයුතු කරන බවට ප්‍රාන්ත නීතිපතිවරයා චෝදනා කරනවා.
කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව මෙටා සමාගම පවසනවා. තමන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බවත්, අධිකරණයේ චෝදනා සත්‍ය කරුණු විකෘති කිරීමක් බවත් ඔවුන්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. දැනටමත් ඇමරිකාවේ තවත් ප්‍රාන්ත රැසක මෙටා සමාගමට එරෙහිව මෙවැනි නඩු විභාග වෙමින් පවතින අතර, සමාජ මාධ්‍ය සමාගම්වල වගකීම පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

Discussion & Feedback