ලෝක ප්රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වන ලින්කින් පාර්ක් (Linkin Park) රසිකයන් වෙනුවෙන්ම ඔවුන්ගේ නවතම වාර්තා චිත්රපටය වන ‘Unshatter’ සැප්තැම්බර් 30 වෙනිදා සිට ලොව පුරා සිනමාහල්වල තිරගත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. කණ්ඩායමේ සාමාජිකයෙක් වන ජෝ හාන් විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය හරහා ලින්කින් පාර්ක් කණ්ඩායම පසුගිය කාලයේ මුහුණ දුන්න අභියෝග, ඔවුන්ගේ නැවත නැගිටීම සහ ‘From Zero’ යුගය දක්වා ඔවුන් ආ ගමන ගැන ඉතාමත් සංවේදීව සහ විස්තරාත්මකව දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම බ්රසීලයේ සාඕ පවුලෝ නුවර පැවැත්වුණු ඔවුන්ගේ සජීවී ප්රසංග සහ චිත්රාගාරයේ ගත කළ අමතක නොවන අවස්ථා රැසක් මෙහි ඇතුළත් වෙනවා.
මේ වාර්තා චිත්රපටය හරහා එමිලි ආම්ස්ට්රෝං සහ කොලින් බ්රිටේන් සමඟ ලින්කින් පාර්ක් කණ්ඩායමේ අලුත්ම පරිච්ඡේදය ගැනත් රසිකයන්ට දැනගන්න ලැබෙනවා. චිත්රපටයට සමගාමීව සැප්තැම්බර් 25 වෙනිදා ‘Unshatter (Live From São Paulo)’ නමින් ඔවුන්ගේ නවතම සජීවී සංගීත ඇල්බමයත් නිකුත් වෙන්න නියමිතයි. ජෝ හාන් පවසන විදිහට මේ නිර්මාණය හුදෙක් සංගීතය ගැන විතරක් නෙවෙයි, ජීවිතයේ බිඳවැටීම් හමුවේ නැවත නැගී සිටින ආකාරය සහ මිත්රත්වයේ වටිනාකම ගැන ලස්සන කතාවක් කියනවා. 2D, ScreenX සහ 4DX තාක්ෂණයෙන් ලොව පුරා සිනමාහල්වලදී මේ අත්දැකීම විඳගන්න රසිකයන්ට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback