ඇමරිකාවේ යූටා වැලි විශ්වවිද්‍යාලයේදී පසුගිය වසරේ සිදුවූ චාලි කර්ක් ඝාතනයට අදාළ නඩු විභාගය මේ දිනවල ඉතා උණුසුම් මුහුණුවරක් අරගෙන තියෙනවා. මේ නඩුවේ ප්‍රධාන සැකකරු වන 23 හැවිරිදි ටයිලර් රොබින්සන් සිද්ධිය වූ දිනයේදී විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක වහලය මතින් පැන යන අයුරු දැක්වෙන නවතම සීසීටීවී දර්ශන පෙළක් රජයේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා. මෙම දර්ශනවල සැකකරු යම්කිසි භාණ්ඩයක් අතැතිව වහලය මතින් පැන දුවන ආකාරය පැහැදිලිවම දැකගන්න පුළුවන්. රජයේ පාර්ශ්වය පවසන්නේ මේ පුද්ගලයා සිද්ධියට පෙර කිහිප වතාවක්ම විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ ඇති බවත්, පසුව ඔහු ඇඳුම් මාරු කරගෙන පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවත්ය.
කෙසේ වෙතත්, රොබින්සන්ගේ නීතිඥ කණ්ඩායම මෙම සාක්ෂිවලට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරනවා. ඔවුන් පවසන්නේ මෙම වීඩියෝ දර්ශන සංස්කරණය කර ඇති බවත්, වෙඩි තැබීම සිදුකළ ස්ථානය ලෙස සැක කරන වහලය මතින් කිසිදු වෙඩි උණ්ඩ කොපුවක් හමු වී නොමැති බවත්ය. තවද, සිද්ධිය වූ දින එම ප්‍රදේශයේ වෙනත් ආයුධයක්ද හමු වී ඇති බවත්, සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුම වෙනත් පුද්ගලයෙකු ගැන විස්තර පවසා ඇති බවත් ආරක්ෂක පාර්ශ්වය තර්ක කරනවා. මේ වන විට මරණ දණ්ඩනය ඉල්ලා සිටින රජයේ පාර්ශ්වය, මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ඔප්පු කිරීමට උත්සාහ දරනවා. විනිසුරුවරයා විසින් මෙම මූලික නඩු විභාගයෙන් පසු නඩුව විභාගයට ගත යුතුද නැද්ද යන්න තීරණය කරනු ඇති.

Discussion & Feedback