කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල මන්නකැත්ත ඇල්ල ආශ්රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවටම ආවේණික අලුත්ම ශාක විශේෂයක් සොයාගන්න පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. ‘Impatiens yakandawalarum’ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘කිතුල්ගල කූඩලු’ ලෙස හඳුන්වන්න පුළුවන්. සාලනි ගුණරත්න මහත්මිය විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් ඔස්සේ ආරම්භ වුණු මේ ගවේෂණය, පර්යේෂකයන් වන පේෂල පසන් කරුණාරත්න සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භාතිය ගොපල්ලව යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් තහවුරු කරගන්න ලැබුණා. මේ සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ‘Impatiens’ ශාක විශේෂ ගණන 28ක් දක්වා ඉහළ යන අතර, ඉන් විශේෂ 19ක්ම අපේ රටට ආවේණික ඒවා වීම විශේෂත්වයක්.
මේ ශාකය අනෙක් විශේෂවලින් වෙනස් වෙන්නේ එහි මල්වල නාලාකාර උල් කොටසක් නොමැති වීම නිසයි. තෙතමනය සහිත පාෂාණ සහ ගස් මුල් ආශ්‍රිතව වැවෙන මේ ශාකයේ සෙන්ටිමීටර දෙකක පමණ ප්‍රමාණයකින් යුත් තද රෝස පැහැති මල් දකින්න පුළුවන්. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ‘Ceylon Journal of Science’ සඟරාවේ මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවැනි දුර්ලභ ශාක විශේෂ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නම් අපේ ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback