තායිලන්තයේ කාලසින් පළාතෙන් මීට වසර මිලියන 150කට පෙර ජීවත් වුණු අලුත්ම දිනසර් විශේෂයක් ගැන විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. මේ සතාට ‘උරාගසෝරස් කාලසිනෙන්සිස්’ (Uragasaurus kalasinensis) කියලා නම තියලා තියෙන්නේ. මේ දිනසර්ගේ විශේෂත්වය තමයි එයාගේ බෙල්ලේ දිග. හරියටම කිව්වොත් ක්‍රිකට් තණතිල්ලක දිගට සමාන මීටර් 20ක විතර දිගු බෙල්ලක් මේ සතාට තිබිලා තියෙනවා. ශාක භක්ෂකයෙක් වුණු මේ සතාගේ පොසිල මුලින්ම හොයාගත්තේ 2008 අවුරුද්දේදී ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විසින්. පස්සේ කාලෙක මහසාරකම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරලා තමයි මේක අලුත්ම විශේෂයක් කියලා තහවුරු කරගත්තේ.
මේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය අභිරත් නිල්පනපන් කියන විදිහට, මේ දිනසර්ගේ කොඳු ඇට පෙළේ කොටසක් සීටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කළාම තමයි මේ සතා ‘මැමෙන්චිසෝරිඩේ’ (Mamenchisauridae) කියන දිනසර් පවුලට අයිති කෙනෙක් කියලා හොයාගත්තේ. සාමාන්‍යයෙන් මේ වගේ දිනසර්ලා වැඩිපුරම හමුවෙලා තියෙන්නේ චීනයෙන් වුණත්, තායිලන්තයෙන් මේ වගේ විශේෂයක් හමුවුණු පළවෙනි අවස්ථාව මේකයි. මේ සතාගේ බෙල්ලේ තියෙන වායු කුහර ව්‍යුහය ලෝකේ වෙන කිසිම දිනසර් කෙනෙක්ට නැති තරම් විශේෂ එකක් කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. මේ සොයාගැනීම ඇත්තටම පුදුම හිතෙන එකක් වගේම දිනසර් පර්යේෂණ ක්ෂේත්රයට ලොකු ජයග්‍රහණයක් කියලා පර්යේෂකයන් සතුටින් ප්‍රකාශ කරනවා.

Discussion & Feedback