සයිබර්පන්ක් 2077 ක්රීඩාව නිකුත් වෙලා වසර හයක් ගත වුණත්, අදටත් ඒකේ තියෙන ග්රැෆික්ස් සහ තාක්ෂණය අලුත්ම අත්දැකීමක් ලබා දෙනවා. විශේෂයෙන්ම ‘ෆැන්ටම් ලිබර්ටි’ ව්යාප්තියත් එක්ක මේ ක්රීඩාව ගොඩක් දියුණු වුණා. දැන් මේ සයිබර්පන්ක් ලෝකය තවත් පුළුල් කරමින්, රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න ‘Go On Board’ ආයතනය විසින් ‘Cyberpunk 2077: The Board Game’ නමින් අලුත්ම බෝඩ් ගේම් එකක් හඳුන්වා දීලා තියෙනවා. මේ ගැන විස්තරාත්මක වීඩියෝවක් ඔවුන් යූටියුබ් හරහා නිකුත් කරලා තියෙනවා.
මේ බෝඩ් ගේම් එකේ ‘All-In’ පැකේජය ඇතුළත ෆැන්ටම් ලිබර්ටි, ට්රෝමා ටීම්, එජ් රනර්ස් වගේ ප්රධාන කොටස් රැසක් අන්තර්ගතයි. ඒ වගේම මෙහි තියෙන කුඩා රූප (miniatures), මෙහෙයුම් කාඩ්පත් සහ අනෙකුත් උපාංග දකිනකොට මේක කොයිතරම් විශාල නිර්මාණයක්ද කියලා හිතාගන්න පුළුවන්. මේ බෝඩ් ගේම් එක සඳහා පූර්ව ඇණවුම් කිරීමේ අවස්ථාව ජූලි 20 වෙනිදායින් අවසන් වෙනවා.
සයිබර්පන්ක් ලෝකය කියන්නේ හරිම ගැඹුරු සහ රසවත් ලෝකයක්. මේ වගේ බෝඩ් ගේම් සහ කාඩ් ගේම් හරහා මේ ක්රීඩාවේ තියෙන අභාෂය තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන්. සයිබර්පන්ක් 2077 ක්රීඩාවේ රසිකයන්ට ඉදිරියේදී මේ වගේ තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබත් මේ වගේ ක්රීඩා වලට කැමති කෙනෙක් නම්, මේ අලුත්ම බෝඩ් ගේම් එක ගැන වැඩි විස්තර අන්තර්ජාලයෙන් හොයලා බලන්න අමතක කරන්න එපා.

Discussion & Feedback