ඔන්න ගේම් ගහන අයට අලුත්ම ආරංචියක් තියෙනවා. ස්ටීම් (Steam) හරහා මේ දවස්වල නොමිලේම ලබාගන්න පුළුවන් අලුත්ම හොරර් ගේම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ගේම් එකේ නම තමයි ‘SSTWL – Sector Breach’. ගොඩක් අය මේක Five Nights at Freddy’s ගේම් එකටත් වඩා බියකරු එකක් කියලා තමයි කියන්නේ. මේ ගේම් එකේ තියෙන්නේ ඔෆිස් එකක වැඩ කරන අතරතුර දත්ත ගොනු (Data files) හොයාගන්න එක. හැබැයි ඒ වැඩේ කරන අතරේම කැමරා හරහා ඔයාව හොයාගෙන එන භයානක සත්තුන්ව නිරීක්ෂණය කරන්නත් ඔයාට සිද්ධ වෙනවා.
මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට එකපාර වැඩ ගොඩක් කරන්න සිද්ධ වීම. දත්ත ගොනු හොයන ගමන්ම කැමරා දිහා බලාගෙන ඉන්න ඕනේ, ඒ වගේම දොරවල් වහන්නත් ඕනේ. මේ දේවල් නිසා ගේම් එක ඇතුලේ තියෙන පීඩනය සහ බය හරිම ඉහළයි. දැනටමත් මේ ගේම් එකට ස්ටීම් එකේ 95%ක්ම හොඳ ප්රතිචාර ලැබිලා තියෙනවා. Liam Vickers ගේ ‘Scary Story Time With Liam’ කියන යූටියුබ් චැනල් එකේ කතාවක් ඇසුරින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
ඔයාත් මේ වගේ බය හිතෙන ගේම් වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ ගේම් එක ට්රයි කරලා බලන්න. කිසිම ගාණක් ගෙවන්නේ නැතුව ස්ටීම් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නිසා, ඔයාගේ නිදහස් වෙලාවට හොඳ අත්දැකීමක් ගන්න මේක කියාපු භාණ්ඩේ. හැබැයි පරිස්සමෙන්, මොකද මේක ඇත්තටම හිතට තදින්ම දැනෙන බියකරු ගේම් එකක්.

Discussion & Feedback