ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු දරුණු ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් එරට ජනතාව ඉතා ශෝකීව එම සිදුවීම සිහිපත් කළා. එදා මියගිය තුන්දහසකට අධික පිරිස වෙනුවෙන් නිහඬතාවක් පවත්වා ඔවුන්ගේ නම් කියවමින් විශේෂ උත්සව රැසක් පැවැත්වුණා. මේ සඳහා ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ රාජ්‍ය නායකයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. මෑන්හැටන් අහස ආලෝකමත් කරමින් විශේෂ ආලෝක කදම්භ දෙකක් දල්වා තිබූ අතර, ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් තවමත් යුක්තිය ඉල්ලා හඬ නඟන අයුරු දැකගන්න ලැබුණා.
ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී ගොඩනැගිලි කඩා වැටීම නිසා ඇතිවූ දූවිලි සහ දුමාරය ආශ්වාස කිරීමෙන් පසුකාලීනව මියගිය දහස් ගණනක් වෙනුවෙන් මෙවර අනුස්මරණයේදී විශේෂ සීනුවක් නාද කිරීම සිදු කළා. ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය තමන් අත්විඳි බිහිසුණු අත්දැකීම් මාධ්‍ය හමුවේ පවසමින් තවමත් කම්පනයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ ‘අපි කිසිදා මේ සිදුවීම අමතක කරන්නේ නැහැ’ යනුවෙන්. කෙසේ වෙතත්, සෞදි අරාබියේ සම්බන්ධය පිළිබඳව තවමත් ප්‍රශ්න මතු වෙමින් පවතින අතර, ත්රස්තවාදයට එරෙහි සටන අදටත් ඇමරිකාවට ඉතා වැදගත් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback