මේ දිනවල ලෝකයේ පවතින දේශපාලන අස්ථාවර තත්ත්වයන් සහ ආර්ථික ගැටලු හේතුවෙන් නෙදර්ලන්ත මහ බැංකුව ඉතා වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ සහ කැනඩාවේ තැන්පත් කරලා තිබුණු රන් කිලෝග්රෑම් 86ක් වටිනා විශාල රන් තොගයක් ලන්ඩනයට රැගෙන ඒම. මේ සංකීර්ණ මෙහෙයුම මාස කිහිපයක් තිස්සේ ඉතා රහසිගතව සිද්ධ වුණා. බැංකු බලධාරීන් පවසන විදිහට, හදිසි අර්බුදකාරී අවස්ථාවකදී මේ රන් තොගය ලන්ඩනයේ තියෙන එක වඩාත් ආරක්ෂිතයි වගේම පහසුවෙන් වෙළඳාම් කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඔවුන් මෙවැනි පියවරක් ගත්තේ.
ඇත්තටම මේ රන් තොගයෙන් කොටසක් භෞතිකව ප්රවාහනය කරලා තියෙන අතර, තවත් කොටසක් නිව්යෝර්ක් වෙළඳපොලේ විකුණලා ලන්ඩනයෙන් නැවත මිලදී ගැනීමේ ක්රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. මේ මගින් අවදානම බෙදා හැරීමට ඔවුන්ට හැකි වුණා. මේ වන විට නෙදර්ලන්තයේ සමස්ත රන් සංචිතය යුරෝ බිලියන 72.2ක් ලෙස තක්සේරු කරලා තියෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් සහ ඇමරිකාව හා කැනඩාව අතර පවතින වෙළඳ ආරවුල් වැනි කරුණු නිසා ගෝලීය ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයක තියෙනවා. ඒ නිසා තමයි නෙදර්ලන්තය මෙවැනි පූර්ව සූදානමකින් කටයුතු කරන්නේ. මේ වෙනසත් එක්ක ලන්ඩනයේ තියෙන නෙදර්ලන්ත රන් සංචිත ප්රතිශතය 32.1% දක්වා ඉහළ ගිහින් තියෙනවා.

Discussion & Feedback