ලෝක ප්රකට ස්ට්රීමින් සේවාවක් වන නෙට්ෆ්ලික්ස් ආයතනය මේ දිනවල අතිවිශාල මුදලක් වැය කරමින් අලුත්ම ෆැන්ටසි චිත්රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා. ‘The Chronicles of Narnia’ කතා මාලාව ඇසුරින් නිර්මාණය වන ‘Narnia: The Magician’s Nephew’ චිත්රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 280ක් වැනි දැවැන්ත මුදලක් වැය කර තිබෙනවා. ‘බාබී’ චිත්රපටයේ අධ්යක්ෂිකා ග්රෙටා ගර්විග් විසින් මෙහි අධ්යක්ෂණය සිදුකරන අතර, මෙය නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ තිරගත වන මිල අධිකම චිත්රපට අතරින් දෙවන ස්ථානය හිමිකර ගන්නවා. මෙම චිත්රපටය 2027 පෙබරවාරි 12 වැනිදා සිනමාහල්වල තිරගත වීමට නියමිත අතර, ඉන් පසුව අප්රේල් මාසයේදී නෙට්ෆ්ලික්ස් හරහා නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මෙම චිත්රපටය නෙට්ෆ්ලික්ස් සඳහා ඉතා වැදගත් වන්නේ, ඔවුන්ගේ චිත්රපටයක් ප්රථම වරට සිනමාහල්වල පුළුල් ලෙස තිරගත වීමට නියමිත නිසයි. සාමාන්යයෙන් ස්ට්රීමින් සේවාවකට පමණක් සීමා වූ නෙට්ෆ්ලික්ස් ආයතනය, මෙම චිත්රපටය හරහා නව යුගයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, ඩොලර් මිලියන 280ක අයවැයක් නිසා මෙය ලාභ ලබන චිත්රපටයක් බවට පත් කර ගැනීම විශාල අභියෝගයක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ. නාර්නියා කතා මාලාව යටතේ චිත්රපට අටක් නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් සැලසුම් කර තිබෙනවා. මෙම පළමු චිත්රපටයේ සාර්ථකත්වය මත ඉදිරි චිත්රපටවල ඉරණම තීරණය වනු ඇති අතර, සිනමා ලෝලීන් මේ වන විටත් මේ පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවනවා.

Discussion & Feedback