ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියක් වන ‘ද හන්ච්බැක් ඔෆ් නොට්‍රේ ඩේම්’ ඇසුරින් නිර්මාණය වන අලුත්ම චිත්‍රපටය ගැන නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් අලුත්ම තොරතුරු ටිකක් එළිදක්වලා තියෙනවා. මේ චිත්‍රපටය ‘The Hunchback, Soul of Paris’ කියන නමින් නම් කරලා තියෙන අතර, 2026 වසරේ සරත් සෘතුවේදී ප්‍රේක්ෂකයන්ට මෙය නරඹන්න පුළුවන් වේවි. වික්ටර් හියුගෝගේ මුල් කතාවට වඩා වෙනස් විදිහකට, ක්වාසිමෝඩෝ කියන චරිතයට පාදක වුණා කියලා කියන සැබෑ පුද්ගලයාගේ ජීවිතය ආශ්රයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.
මේ කතාව දිග හැරෙන්නේ 1830 වසරේ පැරිස් නුවර සිදුවුණු ජූලි විප්ලවය පසුබිම් කරගෙනයි. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු වින්සන්ට් කැසල්. ඒ වගේම කොලරා වසංගතය පැතිරෙන කාලයක දේශපාලන අර්බුද සහ අසම්මත ආදර කතාවක් වටා මේ චිත්‍රපටය ගෙතී තිබෙනවා. ජීන්-ෆ්රැන්කොයිස් රිචෙට් විසින් අධ්‍යක්ෂණය කරන මේ නිර්මාණයට තවත් දක්ෂ නළු නිළියන් රැසක් එකතු වෙලා ඉන්නවා. ඩිස්නි චිත්‍රපටවලින් අපි දැකපු කතාවට වඩා හාත්පසින්ම වෙනස්, ඓතිහාසික පසුබිමක් සහිත මේ අලුත් අත්දැකීම රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback