Netflix හරහා විකාශය වන ජනප්රිය අපරාධ කතා මාලාවක් වන ‘Monster’ හි සිව්වැනි වාරය පිළිබඳව මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ අලුත්ම කතා මාලාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ 1892 වසරේදී තමන්ගේ පියා සහ සුළු මව ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ ලීසි බෝඩන්ගේ අභිරහස් කතාවයි. ඇයව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළත්, ඇය වටා ගෙතුණු අභිරහස් සිදුවීම් මාලාව අදටත් ලෝකයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙනවා. මේ චරිතයට පණ පොවන්නේ එල්ලා බීටි විසින් වන අතර, ඇයගේ රංගනය පිළිබඳව මේ වන විටත් ප්රේක්ෂකයන් අතර විශාල කුතුහලයක් ඇතිවෙලා තියෙනවා.
පසුගිය කාලයේ විකාශය වුණු ‘Monster’ කතා මාලාවේ සෑම කොටසක්ම වගේ විවිධ විවේචන සහ ප්රේක්ෂක ආකර්ෂණය එකසේ දිනාගන්න සමත් වුණා. ඒ නිසාම මේ අලුත්ම කතා මාලාවත් ප්රේක්ෂකයන්ව තිරය ඉදිරියේ රඳවා ගැනීමට සමත් වේවි කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. Vanity Fair සඟරාව විසින් මේ කතා මාලාවේ පළමු දර්ශන කිහිපයක් මේ වන විටත් එළිදක්වා තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සිට Netflix ඔස්සේ ඔබට මේ අලුත්ම කතා මාලාව නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. සැබෑ අපරාධ කතා වලට කැමති අයට නම් මෙය අනිවාර්යයෙන්ම මගහැරිය නොහැකි අත්දැකීමක් වේවි.

Discussion & Feedback