Netflix හරහා විකාශය වුණු ඉතාමත් ජනප්රිය අපරාධ කතා මාලාවක් වන ‘Legends’ හි දෙවන වාරය නිෂ්පාදනය කිරීමට මේ වන විට නිල වශයෙන් තීරණය කරලා තියෙනවා. නීල් ෆෝසයිත් විසින් නිර්මාණය කරපු මේ කතා මාලාව 1990 දශකයේ බ්රිතාන්ය රේගු නිලධාරීන් පිරිසක් මත්ද්රව්ය ජාවාරම්කරුවන් අල්ලන්න දියත් කරපු රහසිගත මෙහෙයුමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ස්ටීව් කූගන් ඇතුළු ප්රබල නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මේ කතා මාලාව පළමු වාරයේදීම ප්රේක්ෂකයන් අතර විශාල කතාබහක් ඇති කරන්න සමත් වුණා.
Rotten Tomatoes දර්ශකයේ 97%ක ඉහළ අගයක් ලබාගන්න සමත් වුණු මේ කතා මාලාව, එහි තිබෙන වේගවත් බව සහ අනපේක්ෂිත සිදුවීම් නිසා බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන එකක් බවට පත් වුණා. පළමු වාරයේදී තමන්ගේ මෙහෙයුම සාර්ථකව අවසන් කරලා සාමාන්ය ජීවිතයට ආපු කණ්ඩායම, දෙවන වාරයේදී නැවතත් අභියෝගාත්මක රහසිගත මෙහෙයුම් ලෝකයකට ඇද වැටෙන ආකාරය අපිට බලාගන්න පුළුවන් වේවි. කතා මාලාවේ දෙවන වාරයේ රූගත කිරීම් ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බවයි Netflix ආයතනය තහවුරු කරලා තියෙන්නේ.
මේ කතා මාලාව ගැන විචාරකයින් පවා ඉතා ඉහළ අගයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම බ්රිතාන්යයේ මත්ද්රව්ය ජාවාරමට එරෙහි සටන සහ ඒ ආශ්රිත දේශපාලනික පසුබිම ඉතාමත් දක්ෂ විදියට මෙහි පෙළගස්වලා තියෙනවා. කතාවේ සමහර දේවල් විනෝදාස්වාදය වෙනුවෙන් මනඃකල්පිත ලෙස එකතු කරලා තිබුණත්, සමස්තයක් විදියට ගත්තම මේක ඉතාමත් ගුණාත්මක නිර්මාණයක්. ඉතින්, ‘Legends’ රසිකයන්ට දෙවන වාරය වෙනුවෙන් තව ටික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

Discussion & Feedback