ඔයාලා වෙස්ට්වර්ල්ඩ් (Westworld) වගේ විද්යා ප්රබන්ධ කතා මාලාවලට කැමති නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕන අලුත්ම කතා මාලාවක් තමයි නෙට්ෆ්ලික්ස් එකේ තියෙන ‘පැන්තියන්’ (Pantheon). මේක ඇනිමේටඩ් කතා මාලාවක් වුණාට, කෘත්රිම බුද්ධිය සහ මිනිස් මනස ගැන හිතාගන්න බැරි තරම් ගැඹුරු කතාවක් මේකේ තියෙනවා. වෙස්ට්වර්ල්ඩ් කතාවේ රොබෝවරු ගැන කතා කළාට, පැන්තියන් කතාවේ තියෙන්නේ ‘අප්ලෝඩ් කරපු බුද්ධිය’ (Uploaded Intelligence) ගැන. ඒ කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ එයාගේ මතකයන් සහ පෞරුෂය පරිගණක ජාලයකට ඇතුළත් කරලා, ඒ පුද්ගලයා දිගටම ජීවත් කරවන තාක්ෂණයක් ගැනයි මෙතනදී සාකච්ඡා වෙන්නේ.
කතාවේ ප්රධාන චරිතය මැඩි කියන තරුණිය. එයාට අමුතු පණිවිඩ ටිකක් ලැබෙනවා, පස්සේ තමයි දැනගන්නේ ඒ පණිවිඩ එවන්නේ මැරිලා ගිය එයාගේ තාත්තා කියලා. තාත්තාගේ මොළය පරිගණකයකට අප්ලෝඩ් කරලා තියෙනවා කියලා දැනගත්තම එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම කැස්පියන් කියන තවත් තරුණයෙක් ගැනත් මේ කතාවේ කියවෙනවා. එයාගේ මුළු ජීවිතයම ලොකු සමාගමක් විසින් සැලසුම් කරපු බොරුවක් කියලා දැනගන්න ලැබුණම කතාව තවත් කුතුහලයෙන් පිරෙනවා.
මේ කතා මාලාව නිකන්ම නිකන් AI කතාවක් නෙවෙයි. තාක්ෂණය දියුණු වෙද්දී මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය සහ ජීවිතය කොහොමද ආයතන විසින් පාලනය කරන්නේ කියන එක මෙතනදී ඉතාම තියුණු විදියට පෙන්නලා දෙනවා. වෙස්ට්වර්ල්ඩ් කතාවේ තිබුණාටත් වඩා ගැඹුරු සහ සංකීර්ණ තේමාවක් මේකේ තියෙන නිසා, විද්යා ප්රබන්ධ වලට ආස අයට මේක අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් කතා මාලාවක්.

Discussion & Feedback