ලොව පුරා රසිකයන් ආදරය කරන ජනප්රිය ‘ස්ට්රේන්ජර් තින්ග්ස්’ (Stranger Things) කතා මාලාවේ රසිකයන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ අනුව, ස්ට්රේන්ජර් තින්ග්ස් හි ඇනිමේටඩ් ස්පින්-ඕෆ් (spinoff) කතා මාලාවක් වන ‘Stranger Things: Tales from ’85’ හි දෙවන කතා සමය සැප්තැම්බර් 17 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සාමාන්යයෙන් ස්ට්රේන්ජර් තින්ග්ස් සජීවී කතා මාලාවක නව කතා සමයක් එළිදැක්වීමට වසර ගණනාවක් ගත වුණත්, මෙම ඇනිමේටඩ් කතා මාලාව ඉතා කෙටි කාලයකින් රසිකයන් අතරට ගෙන ඒමට නිෂ්පාදකයන් සමත් වෙලා තියෙනවා.
මෙම කතා මාලාව දිවෙන්නේ ස්ට්රේන්ජර් තින්ග්ස් දෙවන සහ තුන්වන කතා සමයන් අතර කාල පරාසය තුළයි. පළමු කතා සමයේදී නිකී බැක්ස්ටර් නම් නව චරිතයක් හඳුන්වා දුන් අතර, ඇය සමඟ ළමා කණ්ඩායම එක්ව සිදුකරන වික්රමාන්විතයන් මෙහිදී දැකගන්න පුළුවන්. පළමු කතා සමය අවසානයේදී ඔවුන් හෝඩ් ක්වීන් පරාජය කළත්, ඉතිරි වූ නිල් පැහැති මලක් නිසා දෙවන කතා සමය වඩාත් කුතුහලයෙන් පිරුණු එකක් වනු නොඅනුමානයි. නිකී බැක්ස්ටර් වැනි චරිත ප්රධාන කතා මාලාවේ ඇයි නොපෙනෙන්නේ යන ප්රශ්නයට පිළිතුරුත් ඉදිරියේදී ලැබෙනු ඇතැයි රසිකයන් බලාපොරොත්තු වෙනවා. ඉතින්, සැප්තැම්බර් 17 වෙනිදා වෙනකම් ඔයාලත් මේ අලුත් අත්දැකීමට සූදානම් වෙන්න.

Discussion & Feedback