2025 වසරේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණු අතිශය ජනප්රිය ක්රියාදාම චිත්රපටයක් වන ‘ඇඩ් විටම්’ (Ad Vitam) හි දෙවන කොටස නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් ආයතනය මේ වන විට කටයුතු සූදානම් කරලා තියෙනවා. ‘ඇඩ් විටම් එටර්නම්’ (Ad Vitam Eternam) ලෙස නම් කර ඇති මෙම නවතම චිත්රපටයේත් ප්රධාන චරිතය වන හිටපු ප්රභූ ඒජන්ත ෆ්රෑන්ක් ලසාරෙෆ්ගේ චරිතයට ගියොම් කැනේ (Guillaume Canet) නැවතත් පණ පොවනවා. පළමු චිත්රපටයේ අවසානයේදී සිරෙන් නිදහස් වන ෆ්රෑන්ක්, මෙවර තමන්ව මරා දැමීමට උත්සාහ කරන පිරිස සොයා කඳුකර ප්රදේශයක සැඟවී සිටින අතරතුර ප්රංශ බුද්ධි අංශවලින් ලැබෙන රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වීමට සිදුවීම මෙහි කතා තේමාවයි.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ලුඩොවික් කොල්බෝ-ජස්ටින් විසින්. ගියොම් කැනේ සමඟ මැක්සිම් චැටම් සහ ඩේවිඩ් කොරෝනා එක්ව මෙහි තිර රචනය සිදු කර තිබෙනවා. පළමු චිත්රපටයේ සිටි ස්ටෙෆාන් කයිලාඩ්, නසීම් ලයිස් සහ සීටා හැන්රොට් වැනි නළු නිළියන් රැසක් මෙවරත් අපට දැකගන්න පුළුවන්. ඒ වගේම නිකලස් ඩුවචෙල්, සොෆී මාර්සෝ සහ මැතිව් අමල්රික් වැනි නවක නළු නිළියන් පිරිසක්ද මෙයට අලුතින් එකතු වී සිටිනවා. ප්රංශයේ විවිධ ප්රදේශ ආශ්රිතව රූගත කිරීම් සිදු කෙරෙන මෙම චිත්රපටය, පළමු කොටස මෙන්ම ලොව පුරා ප්රේක්ෂකයන් අතර විශාල කතාබහක් ඇති කරනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. නෙට්ෆ්ලික්ස් හරහා මිලියන 54කට අධික පිරිසක් නැරඹූ පළමු කොටසට ලැබුණු සාර්ථකත්වය නිසාම, මෙම දෙවන කොටස ගැනත් රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

Discussion & Feedback