ලෝකයේ ජනප්රියම වීඩියෝ ප්රවාහ සේවාව වන නෙට්ෆ්ලික්ස්, බ්රිතාන්යයේදී සුවිශේෂී ජයග්රහණයක් අත්කරගෙන තියෙනවා. 2025 වසරේදී ඔවුන් බ්රිතාන්යය තුළ පවුම් බිලියන 2.06ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ ආදායම එරට ප්රධානතම වාණිජ විකාශන ආයතනය වන ITV හි ආදායම පවා අභිබවා යාමක්. පසුගිය වසරට සාපේක්ෂව නෙට්ෆ්ලික්ස් ආදායම 11.3%කින් ඉහළ ගොස් තිබෙන්නේ ඔවුන්ගේ ග්රාහකයින් සංඛ්යාව සහ මාසික ආදායම වර්ධනය වීම නිසයි. මේ වන විට බ්රිතාන්යයේ ප්රේක්ෂකයින් වැඩසටහනක් නැරඹීමට තෝරා ගැනීමේදී මුලින්ම මතක් වන නාමය බවට නෙට්ෆ්ලික්ස් පත්වෙලා තියෙනවා.
2012 වසරේදී බ්රිතාන්යයට පැමිණි නෙට්ෆ්ලික්ස්, අද වන විට එරට විකාශන ක්ෂේත්රයේ ප්රබලම බලවේගයක් බවට පත්වෙලා ඉවරයි. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඔවුන්ට තියෙන්නේ විශාල ඉල්ලුමක්. මේ ආදායම් වාර්තා අනුව නෙට්ෆ්ලික්ස් සමාගම බ්රිතාන්යයේ සේවකයින් සංඛ්යාවත් 342 දක්වා වැඩිකරගෙන තියෙනවා. කෙසේ වෙතත්, බ්රිතාන්යයේ ප්රසිද්ධ විකාශන ආයතනවල අරමුදල් ගැටලු සහ නෙට්ෆ්ලික්ස් වැනි ආයතනවලින් බදු අය කිරීම පිළිබඳව මේ දිනවල එරට මාධ්ය ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. එඩින්බර්ග් රූපවාහිනී උළෙලේදීත් මේ ගැන වැඩිපුර සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback