ප්‍රසිද්ධ හොලිවුඩ් නළු සහ අධ්‍යක්ෂක බෙන් ඇෆ්ලෙක් සම-නිර්මාතෘවරයෙක් විදිහට කටයුතු කරපු ‘InterPositive’ කියන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික සමාගම නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් මිලදී අරගෙන තියෙනවා. මේ ගනුදෙනුව සඳහා නෙට්ෆ්ලික්ස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 587ක මුදලක් ගෙවලා තියෙනවා කියලා ඔවුන්ගේ නවතම වාර්තාවල සඳහන් වෙනවා. ඇත්තටම මේ සමාගම හදලා තියෙන්නේ චිත්‍රපට නිෂ්පාදනයේදී එන ප්‍රායෝගික ගැටලු විසඳන්න. විශේෂයෙන්ම රූගත කිරීම්වලදී මගහැරුණු දර්ශන, පසුබිම් වෙනස් කිරීම් සහ ආලෝකකරණයේ තියෙන අඩුපාඩු හදන්න මේ AI තාක්ෂණය ගොඩක් උදව් වෙනවා කියලා බෙන් ඇෆ්ලෙක් කියනවා. මිනිස් නිර්මාණශීලිත්වය ආරක්ෂා කරගන්න එක තමයි මේ තාක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ ගනුදෙනුවත් එක්කම InterPositive සමාගමේ මුළු කණ්ඩායමම නෙට්ෆ්ලික්ස් එක්ක එකතු වෙනවා. බෙන් ඇෆ්ලෙක් නෙට්ෆ්ලික්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදිහට වැඩ කරන්නත් නියමිතයි. දැනටමත් නෙට්ෆ්ලික්ස් තමන්ගේ නිර්මාණ 300ක් විතර හදන්න උත්පාදක කෘත්‍රිම බුද්ධිය හෙවත් Generative AI තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. ඉස්සරහට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන විදිහ මේ තාක්ෂණය නිසා ගොඩක් වෙනස් වෙයි කියලා තමයි තාක්ෂණික ලෝකයේ අය කියන්නේ. කොහොම වුණත්, මේ වගේ විශාල මුදලක් වැය කරලා නෙට්ෆ්ලික්ස් මේ වගේ තාක්ෂණයක් අත්පත් කරගැනීම සිනමා ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.

Discussion & Feedback