ලෝකයේ ජනප්රියම ස්ට්රීම් සේවාව වන නෙට්ෆ්ලික්ස්, පසුගිය කාලයේ චිත්රපට සහ ටෙලි නාට්යවලින් ඔබ්බට ගොස් වීඩියෝ ක්රීඩා ක්ෂේත්රයටත් අතගැහුවා. මිලියන 325කට අධික පාරිභෝගිකයන් පිරිසක් ඉන්න නෙට්ෆ්ලික්ස්, 2021 වසරේදී ක්රීඩා සමාගම් පවා මිලදී ගනිමින් මේ ක්ෂේත්රයේ ලොකු ගමනක් යන්න උත්සාහ කළා. හැබැයි දැන් ආරංචි වෙන විදිහට, ඔවුන්ගේ මේ ක්රීඩා ව්යාපෘතියේ බලාපොරොත්තු වුණු සාර්ථකත්වය ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන් මේ අංශයේ කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩු කරන්න තීරණය කරලා තියෙනවා.
මේ වෙනස්කම්වල කොටසක් විදිහට, නෙට්ෆ්ලික්ස් විසින් මුලින්ම මිලදී ගත් ‘නයිට් ස්කූල්’ (Night School) නම් ක්රීඩා සමාගම වසා දැමීමට ඔවුන් පියවර අරන් තියෙනවා. මේ සමාගම ‘ඔක්සන්ෆ්රී’ වගේ ජනප්රිය ක්රීඩා නිර්මාණය කරපු දක්ෂ කණ්ඩායමක්. කොහොම වුණත්, නෙට්ෆ්ලික්ස් කියන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම ක්රීඩා අංශයෙන් ඉවත් වෙන්නේ නැති බවයි. ඒ වෙනුවට, ඔවුන් දැන් අවධානය යොමු කරන්නේ ළමයින්ට ගැලපෙන ක්රීඩා, සාදවලදී සෙල්ලම් කරන්න පුළුවන් ක්රීඩා සහ දැනටමත් ජනප්රිය වෙලා තියෙන කතා තේමා ඔස්සේ නිර්මාණය වන ක්රීඩා කෙරෙහි පමණයි.
මේ තීරණය ගත්තේ ව්යාපාරික අවදානම අවම කරගෙන, වඩාත් සාර්ථක දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න බවයි නෙට්ෆ්ලික්ස් ප්රකාශකයෙක් සඳහන් කළේ. කෙසේ වෙතත්, මේ වෙනස්කම් නිසා රැකියා අහිමි වන පිරිසට ස්තූති කිරීමටත් ඔවුන් අමතක කළේ නැහැ. ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් ක්රීඩා අංශය කොයි වගේ වෙනස්කම්වලට ලක් වෙයිද කියලා බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback