එක දිගට පැය ගණන් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නැරඹීමේ ‘බින්ජ් වොචින්ග්’ (Binge-watching) සංස්කෘතිය ලෝකයට හඳුන්වා දුන්නේ නෙට්ෆ්ලික්ස් ආයතනයයි. නමුත් අද වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. බොහෝ නරඹන්නන් දැන් නෙට්ෆ්ලික්ස් හි දෙවන වාරය දක්වා කතා මාලා නැරඹීමට උනන්දුවක් නොදක්වන අතර, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ නෙට්ෆ්ලික්ස් හි අන්තර්ගතයන් ඇල්ගොරිතම මත පදනම් වීම සහ කතා මාලා අතර පවතින දීර්ඝ කාල පරතරයන් නිසයි. මේ නිසා නෙට්ෆ්ලික්ස් හි පැරණි ආකෘතිය අද වන විට යල් පැන ගිය එකක් බවට පත්වෙමින් තිබෙනවා.
දැන් නෙට්ෆ්ලික්ස් තරඟ කරන්නේ සාම්ප්‍රදායික රූපවාහිනී නාලිකා සමඟ නොව, ටික්ටොක්, යූටියුබ් සහ රීල්ස් වැනි කෙටි වීඩියෝ වේදිකා සමඟයි. මිනිසුන්ගේ අවධානය ඉතා කෙටි කාලයකට සීමා වී ඇති නිසා, මිනිත්තු කිහිපයකින් නැරඹිය හැකි ‘මයික්‍රෝ ඩ්‍රාමා’ (Micro-drama) ඇප්ස් වලට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. 2025 වසරේ දත්ත වලට අනුව, යූටියුබ් සහ ටික්ටොක් වැනි වේදිකා වල ගත කරන කාලය නෙට්ෆ්ලික්ස් වල ගත කරන කාලය අභිබවා ගොස් තිබීමෙන් පෙනී යන්නේ විනෝදාස්වාදයේ අනාගතය කෙටි වීඩියෝ වෙත යොමු වී ඇති බවයි. නෙට්ෆ්ලික්ස් සමාගම පවා මෙම තත්ත්වයට මුහුණ දීමට ටික්ටොක් ආකාරයේ ෆීඩ් එකක් හඳුන්වා දුන්නත්, පරිශීලකයින් තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ ක්ෂණික විනෝදාස්වාදය ලබා දෙන කෙටි වීඩියෝ වේදිකා වලටයි.

Discussion & Feedback