දැන් කාලේ ගොඩක් අය දිගු චිත්‍රපට හෝ කතා මාලා බලනවා වගේම කෙටි වීඩියෝ බලන්නත් හරිම කැමතියි. මේ වෙනස තේරුම් ගත්ත Netflix ආයතනය, තමන්ගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත්ම පියවරක් අරන් තියෙනවා. ඒ අනුව BuzzFeed, Condé Nast, Hearst Magazines සහ Variety වගේ ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන එක්ක එකතු වෙලා, කෙටි වීඩියෝ අන්තර්ගතයන් තමන්ගේ වේදිකාවට එක් කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. මේ අලුත් වැඩසටහන් අගෝස්තු 3 වැනිදා ඉඳන් ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක පරිශීලකයන්ට බලාගන්න පුළුවන් වෙනවා.
මේ වීඩියෝ විනාඩි දෙක තුනේ ඉඳන් විනාඩි විස්සක් විතර වෙනකම් විවිධ කාලසීමාවන්ගෙන් යුක්තයි. මේ හරහා ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය වගේම තොරතුරු දැනගන්නත් අවස්ථාව ලැබෙනවා. Netflix මේ වගේ පියවරක් ගත්තේ ප්‍රේක්ෂකයන් තමන්ගේ වේදිකාව තුළ වැඩි කාලයක් රඳවා ගන්න සහ YouTube හෝ TikTok වගේ කෙටි වීඩියෝ වේදිකා එක්ක තරඟ කරන්නයි. මොකද ගොඩක් අය දැන් දිගු කතා මාලා අතරතුර කාලය ගත කරන්න කැමති මේ වගේ කෙටි වීඩියෝවලට නිසා.
Netflix ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ජෝන් ඩර්ඩේරියන් කියන විදිහට, මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂකයන්ට තමන් ආදරය කරන කතා සහ චරිත එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාව ලබා දීමයි. ඉදිරියේදී තවත් බොහෝ මාධ්‍ය ආයතන එක්ක එකතු වෙලා මේ අන්තර්ගතයන් තවත් පුළුල් කරන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී Netflix ඇප් එකේ චිත්‍රපට විතරක් නෙවෙයි, මේ වගේ රසවත් කෙටි වීඩියෝ ගොඩකුත් අපිට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback