ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ වසරේ අගභාගයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට නිව්යෝර්ක් නුවරට පැමිණීමට සූදානම් වනවා. කෙසේ වෙතත්, නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නෙතන්යාහු නගරයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බවයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවක් පදනම් කරගෙන ඔහු මෙම තර්ජනය සිදු කළත්, පසුව නීතිමය බලයක් තමන්ට නොමැති බව වටහා ගත් නගරාධිපතිවරයා එම අදහසින් පසුබැස තිබෙනවා. කෙසේ වෙතත්, තවමත් ඔහු පවසන්නේ නෙතන්යාහු නිව්යෝර්ක් නුවරට පිළිගත නොහැකි අයෙකු බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙතන්යාහු පවසා ඇත්තේ නගරාධිපතිවරයා ජනතාව අතර වෛරය වපුරන බවයි. සියලුම ජාතීන් සහ ආගම්වල නියෝජිතයෙකු විය යුතු නගරාධිපතිවරයා, ජනතාව කණ්ඩායම් වශයෙන් බෙදා වෛරය ඇවිස්සීමට උත්සාහ කරන බව ඔහු චෝදනා කරනවා. විශේෂයෙන්ම නිව්යෝර්ක් නුවර සිදුවූ පිහියෙන් ඇනීමේ සිදුවීම් කිහිපයක් පෙන්වා දෙමින්, නෙතන්යාහු කියා සිටියේ යුදෙව් ජනතාව මේ වන විට දැඩි බියකින් පසුවන බවයි. ගාසා තීරයේ යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා නෙතන්යාහු තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තමන්ට එරෙහිව එල්ල වන මෙම චෝදනා පදනම් විරහිත ඒවා බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback