නේපාලයේ රාසුවා දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය නිසා සිදුවී ඇති විනාශය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම අපහසු අවස්ථාවේදී නේපාල රජය සහ එරට ජනතාව සමඟ ශ්‍රී ලංකාව ඉතා සමීපව සිටින බවයි. බෝතේ කොෂි ගංගාව ආශ්රිත ප්‍රදේශවලට බලපා ඇති මෙම ස්වභාවික විපත හමුවේ සහන සහ මුදාගැනීමේ කටයුතුවල නිරත වී සිටින නේපාල හමුදාව සහ පොලිසිය ඇතුළු සියලුම පාර්ශවයන්ගේ කැපවීම අමාත්‍යවරයා මෙහිදී අගය කළා.
මේ අතර, නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව, මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වෙන්නේ. කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන පරිදි, දැනට නේපාලයේ ශ්‍රී ලාංකිකයන් 85ත් 100ත් අතර ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් අතර සිසුන් 20ක් පමණ සහ විවිධ ජාත්‍යන්තර ආයතනවල සේවය කරන පිරිසක් ද සිටින බවයි සඳහන් වෙන්නේ.
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවත්, ඉදිරියේදී ලැබෙන තොරතුරු අනුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා. ස්වභාවික විපත්වලදී සැමවිටම අසල්වැසි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැදී පැහැදී සිටින බවයි මෙයින් පැහැදිලි වෙන්නේ.

Discussion & Feedback