නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය වුණු අතිශය ජනප්‍රිය අපරාධ කතා මාලාවක් වන ‘නෙමෙසිස්’ (Nemesis) සඳහා දෙවන වාරයක් ලබා දීමට නිෂ්පාදකයන් තීරණය කරලා තියෙනවා. කෝට්නි ඒ. කෙම්ප් සහ ටානි මරෝල්ගේ නිර්මාණයක් වන මේ කතාව, දක්ෂ අපරාධකරුවෙක් වන කෝල්ට්රේන් වයිල්ඩර් සහ දක්ෂ පොලිස් රහස් පරීක්ෂක අයිසියා ස්ටයිල්ස් අතර පවතින ගැටුම වටා තමයි ගෙතෙන්නේ. පළමු වාරය අවසානයේදී කෝල්ට්රේන් වැට පැන පලා යන දර්ශනය ප්‍රේක්ෂකයන්ව දැඩි කුතුහලයකට පත් කළා. මේ කතා මාලාවට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ සමාජ මාධ්‍ය හරහා ලැබුණු සහයෝගය නිසාම තමයි දෙවන වාරයක් නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් ආයතනය තීරණය කරලා තියෙන්නේ.
දෙවන වාරය ගැන අදහස් දක්වපු නිර්මාණකරුවන් පවසන්නේ, පළමු වාරයේ ඉතිරි වුණු ප්‍රශ්න ගණනාවකට මෙවර පිළිතුරු ලැබෙන බවයි. ඒ වගේම දෙවන වාරය වඩාත් විශාල සහ ආකර්ෂණීය එකක් වනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. පළමු වාරයේදී කෝල්ට්රේන් සහ ස්ටයිල්ස් අතර තිබුණු ගැටුම, පවුල් සබඳතා සහ අනපේක්ෂිත සිදුවීම් ප්‍රේක්ෂකයන්ව නිරන්තරයෙන්ම කුතුහලයෙන් තබා ගැනීමට සමත් වුණා. මේ කතා මාලාවේ ප්‍රධාන චරිත සඳහා වයිලන් නොයෙල් සහ මැතිව් ලෝ රංගනයෙන් දායක වන අතර, තවත් ජනප්‍රිය නළු නිළියන් රැසක්ම මෙහි දකින්න ලැබෙනවා. ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් හරහා මේ දෙවන වාරය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවෙනවා.

Discussion & Feedback