මීගමුව බන්ධනාගාරයේ ඇති වුණු කලහකාරී සිදුවීමකින් පුද්ගලයින් 32 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මේ වන විට තවත් වැදගත් පියවරක් අරගෙන තියෙනවා. ඒ අනුව, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මිය විසින් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් විස්සකට ලබන සැප්තැම්බර් 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින්න කියලා නියෝග කරලා තියෙනවා. මේ පිරිසට එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගි වෙන්න සිද්ධ වෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 70 දෙනෙක් නම් කරලා තියෙනවා. පසුගිය සිකුරාදා (28) පැවති නඩු වාරයේදී සැකකරුවන් හතර දෙනෙක් සහ සාක්ෂිකරුවන් හතර දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සාක්ෂිකරුවන් විසින් සැකකරුවන්ව හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය හේතූන් සහ වෙනත් නඩු කටයුතු නිසා ඉතිරි සැකකරුවන් දෙදෙනෙක් එදින අධිකරණයට ඉදිරිපත් කරන්න බැරි වුණා.
මේ සිද්ධිය ගැන මේ වන විටත් පුද්ගලයින් 2100කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. පසුගිය ජූලි 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වුණු මේ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ සිරකරුවන් 22 දෙනෙක් මියගියා. ඒ වගේම තවත් 100කට වැඩි පිරිසක් මේ සිද්ධියෙන් තුවාල ලැබුවා.

Discussion & Feedback