මීගමුව බන්ධනාගාරයේ ඇති වුණු නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී ඉතා වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් තියෙනවා. පසුගිය දිනක මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාරයේ තිබූ CCTV දර්ශන ඇතුළත් DVR යන්ත්‍ර දෙකක දත්ත මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය වෙත යොමු කර ඇති බවයි. අධිකරණ නියෝගයකට අනුව මෙම දත්තවල නිරවද්‍යතාවය පරීක්ෂා කර වාර්තාවක් ලබා ගැනීමටයි කටයුතු කරන්නේ. ඒ වගේම, බන්ධනාගාර පරිශ්‍රය ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් මැනුම් කටයුතු සිදු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ අතර, සිද්ධියෙන් මියගිය සිරකරුවන්ගේ මරණ පරීක්ෂණවලට අදාළව සාක්ෂි විමසීමක්ද අධිකරණයේදී සිදු වුණා. මියගිය අයගේ ඥාතීන් පැමිණ මෘතදේහ හඳුනාගැනීම සහ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා. මීට අමතරව, මියගිය තවත් සිරකරුවෙකුගේ සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මියගිය අයෙකුගේ ඇඳුම් සහ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. මෙම නඩුව නැවතත් ජූලි 23 වන දින කැඳවීමට නියමිත අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය සහ වැඩිදුර සාක්ෂි විමසීම සිදු කිරීමට නියමිතයි.

Discussion & Feedback