මහනුවර මඩවල ප්රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදී රත්තරන් කිලෝ 3යි ග්රෑම් 790ක් සහ රුපියල් එක්කෝටි හැට නව ලක්ෂයක මුදලක් සමඟ පුද්ගලයින් දස දෙනෙක්ව වටගම පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පසුගිය අඟහරුවාදා (22) ලැබුණු රහසිගත තොරතුරක් මත තමයි පොලිසිය මේ වැටලීම සිදුකරලා තියෙන්නේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් අට දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ඉන්නවා.
මේ සැකකරුවන් වයස අවුරුදු 42ත් 58ත් අතර පසුවන වලපනේ, නාවලපිටිය, වැල්ලවත්ත, කොටහේන සහ මෝදර ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. රත්තරන්වල තත්ත්වය පරීක්ෂා කිරීමට යොදාගන්නා ගල්, අම්ල ලීටරයක් සහ ඇඹරුම් යන්ත්ර දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මේ දේවල් රත්තරන් ජාවාරමකට සම්බන්ධ ඒවාද යන්න ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස පන්විල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ විශාල රත්තරන් තොගය සහ මුදල් ඔවුන්ට ලැබුණේ කොහොමද, මේවා පිටුපස ඉන්නේ කවුද කියන කාරණා සම්බන්ධයෙන් වටගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යනවා.

Discussion & Feedback