රටේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හෙට (25) දින විනාශ කිරීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ අතරට හෙරොයින් කිලෝ 99යි ග්‍රෑම් 478ක විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වුණු මත්ද්‍රව්‍ය තොගයක් සහ දිවයිනේ විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කරලා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කරලා තිබුණු මත්ද්‍රව්‍ය තමයි මෙලෙස විනාශ කරන්න නියමිත වෙලා තියෙන්නේ.
මේ මත්ද්‍රව්‍ය තොගය හෙට උදෑසන මාරවිල අධිකරණ සංකීර්ණයෙන් රැගෙන ගිහින් පුත්තලම, වනතවිල්ලුව, ලක්තොටවත්ත ප්‍රදේශයේ පිහිටි විශේෂිත මධ්‍යස්ථානයකදී ගිනි තබා විනාශ කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කරන විදිහට මේ සියලු කටයුතු අධිකරණ නියෝගවලට අනුකූලව ඉතාමත් විධිමත් ලෙස සිදු කෙරෙනවා. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමේ වැඩපිළිවෙළේ තවත් පියවරක් විදිහට මේ ක්‍රියාවලිය දකින්න පුළුවන්.

Discussion & Feedback