බත්තරමුල්ල, සඳුන් උයන ප්‍රදේශයේදී දියවන්නා ඔයට වැටුණු 59 හැවිරිදි කාන්තාවක් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ඉතාමත් ආරක්ෂිතව බේරාගෙන තියෙනවා. ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව මාවතේ කිඹුලාවල ප්‍රදේශය ආසන්නයේදී තමයි මේ සිදුවීම වාර්තා වෙලා තියෙන්නේ. අගෝස්තු 24 වැනිදා දියවන්නා ඔය ආශ්‍රිතව ආරක්ෂක රාජකාරිවල නිරත වෙමින් හිටපු නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් ජීවිතාරක්ෂක කණ්ඩායමකට තමයි මේ කාන්තාව වතුරේ අසාධ්‍ය තත්ත්වයෙන් සටන් කරන අයුරු මුලින්ම දැකගන්න ලැබිලා තියෙන්නේ.
වහාම ක්‍රියාත්මක වුණු නාවික හමුදා භට පිරිස්, කිසිදු ප්‍රමාදයකින් තොරව දියවන්නා ඔයට බැහැලා අදාළ කාන්තාව බේරාගෙන ගොඩබිමට රැගෙන ආවා. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මේ කාන්තාව බේරාගැනීමෙන් පසුව, මූලික ප්‍රතිකාර සඳහා යොමු කරලා, වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. නාවික හමුදාවේ මේ කඩිනම් සහ මානුෂීය ක්‍රියාමාර්ගය නිසා ඇයගේ ජීවිතය බේරාගන්න හැකි වුණා කියලා තමයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Discussion & Feedback