පසුගිය ජූලි මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ දිවයිනේ වෙරළබඩ කලාප කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් මගින් මෙම වැටලීම් සිදුකර ඇති අතර, එහිදී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 12ක්, ට්රැක්ටර් රථ 4ක් සහ වෑන් රථයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම වැටලීම් ත්රිකුණාමලයේ මාවඩි ඕඩි, කදිරවේලි, නයාරු සහ බ්ලැක් පොයින්ට් මෙන්ම යාපනයේ වෙත්තලකේනි සහ කඩ්ඩයිකාඩු යන ප්රදේශ ආශ්රිතව සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ නීතිවිරෝධී ධීවර ආම්පන්න මෙන්ම වාහන ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, යාපනය, කොඩ් බේ සහ වලච්චේන යන ප්රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙතත්, මරදන්කේනි පොලිසිය වෙතත් භාර දී තියෙනවා.
මුහුදු සම්පත් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිගින් දිගටම මෙවැනි වැටලීම් සිදුකරනවා. ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාව දැඩි අවධානයෙන් පසුවන බවයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ.

Discussion & Feedback