යුරෝපයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය ඇතුළු නේටෝ රටවල් දොළහක් එක්ව දැවැන්ත මිසයිල ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ සඳහා ඉදිරි වසර දහය තුළ පවුම් බිලියන 37කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි. ‘Deep Precision Strike’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා කිලෝමීටර් 300 සිට 2000ක් දක්වා දුරක් පවතින ඉලක්ක ඉතා නිවැරදිව විනාශ කළ හැකි නවීනතම මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට නේටෝව බලාපොරොත්තු වෙනවා. අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ සමුළුවේදී මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, මෙය යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ඉතා වැදගත් පියවරක් බවයි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් පවසන්නේ.
මේ වන විට ලෝකයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ රුසියාවෙන් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා නේටෝව වඩාත් සූදානම් විය යුතු බව විදේශ ලේකම් ඉවෙට් කූපර් පෙන්වා දෙනවා. රුසියානු ගුවන් යානා නේටෝ ගුවන් සීමාව ආසන්නයට පැමිණි අවස්ථා 700කට වඩා වාර්තා වී ඇති පසුබිමක, මෙම මිසයිල පද්ධතිය මගින් ඕනෑම ආක්රමණිකයෙකුට පැහැදිලි පණිවිඩයක් ලබා දීමට නේටෝව සූදානම්. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල දැකගන්නට 2030 දශකය වන තුරු බලා සිටීමට සිදුවන බවයි වාර්තා වෙන්නේ. මේ අතර, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද මෙම සමුළුව අමතමින් තම රටට අවශ්‍ය ගුවන් ආරක්ෂක පද්ධති කඩිනමින් ලබා දෙන ලෙස මිත්‍ර රටවලින් ඉල්ලා සිටියා.

Discussion & Feedback