අපේ රටේ නවෝත්පාදන ක්ෂේත්රයේ දියුණුව සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා දෙන ජාතික නවෝත්පාදන වාර්තා දෙකක් පසුගිය බදාදා කොළඹදී එළිදැක්වුණා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ජාතික නවෝත්පාදන ඒජන්සිය (NIA) විසින් සකස් කරන ලද 2025 සහ 2026 වසරවලට අදාළ වාර්තා එළිදැක්වීම සිදු වුණා. මේ වාර්තා හරහා අපේ රටේ සාර්ථකව වෙළඳපොළට හඳුන්වා දුන් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නවෝත්පාදන 70කට අධික ප්‍රමාණයක් පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්.
මෙම නවෝත්පාදන හුදෙක් අදහස්වලට පමණක් සීමා නොවී, සැබෑ නිෂ්පාදන, සේවා සහ තාක්ෂණික විසඳුම් බවට පත්වෙමින් රටේ ආර්ථිකයට සහ සමාජයට විශාල වටිනාකමක් එක් කරනවා. මේ උත්සවයේ විශේෂම අංගයක් වුණේ නවෝත්පාදන වවුචර් වැඩසටහන යටතේ පළමු වරට සම්මාන සහ මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීමයි. ඒ අනුව, තෝරාගත් පුද්ගලයන් සහ කණ්ඩායම් 11කට සිය නවෝත්පාදන ව්‍යාපෘති තවදුරටත් දියුණු කර ගැනීම සඳහා මූල්‍ය ආධාර හිමි වුණා.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල, පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල සහ ජාතික නවෝත්පාදන ඒජන්සියේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මුදිත සෙනරත් යාපා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටේ සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට මෙවැනි නවෝත්පාදනවලින් ලැබෙන දායකත්වය ඉතා වැදගත් බවත්, ඉදිරියේදී තවත් නව නිර්මාණකරුවන් දිරිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

Discussion & Feedback