ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් ‘ඉවත් වෙමු’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අද (ජූනි 26) කොළඹදී විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් ඉතා උත්සවාකාරයෙන් පැවැත්වුණා. කොළඹ වරාය නගරයේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා පැවැත්වුණු මෙම පාගමන සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඇතුළු ආයතන රැසක් එක්ව සිටියා. ‘මත්ද්‍රව්‍යවලින් තොර රටක් වෙනුවෙන් අභිමානයෙන් පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනට තරුණ තරුණියන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු දහසකට අධික පිරිසක් සහභාගී වුණා.
මෙම පාගමනේදී මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදා දුන් අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන 1818 ක්ෂණික ඇමතුම් අංකය සහ පුනරුත්ථාපන සේවා පිළිබඳවත් ජනතාව දැනුවත් කළා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. පොලිස් සහ නාවික හමුදා සංගීත කණ්ඩායම්වලින් සහ ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංගවලින් මෙම පාගමන තවත් වර්ණවත් වුණා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ මෙම ‘ඉවත් වෙමු’ වැඩසටහන හරහා රට පුරාම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ගොඩනැගීම සඳහා මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සහ ඔවුන්ව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් හරහා මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට රජය සහ ආරක්ෂක අංශ බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback