අඟහරු ග්රහයා මත පර්යේෂණ කටයුතු සඳහා යවන නාසා ආයතනයේ නවතම ‘ස්කයිෆෝල්’ (SkyFall) මෙහෙයුම ගැන මේ දිනවල අභ්යවකාශ ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ මෙහෙයුම යටතේ අඟහරු මතුපිට ගවේෂණය කරන්න යවන්නේ කුඩා හෙලිකොප්ටර් යානා තුනක්. විශේෂත්වය තමයි මේ යානා දකින ඕනෑම කෙනෙකුට ඒවා කුඩා සළුවක් හෝ කේප් එකක් පැළඳගෙන ඉන්නවා වගේ පෙනීම. ඇත්තටම මේක විලාසිතාවක් නෙවෙයි, මේවා ඇත්තටම ඉතාම නම්යශීලී රේඩාර් ඇන්ටනා වර්ගයක්. අඟහරු මතුපිටට පහළින් තියෙන අයිස් තට්ටු සහ ජලය සොයාගන්න තමයි නාසා විද්යාඥයන් මේ තාක්ෂණය යොදා ගන්නේ.
මීට කලින් අඟහරු ගවේෂණය කළ යානාවලට පෘථිවියට මීටර් කිහිපයක් පහළින් තියෙන දේවල් හරියටම නිරීක්ෂණය කරන්න බැරි වුණා. ඒත් මේ ‘ස්කයිෆෝල්’ යානාවලට ඉතාම පහළින් පියාසර කරමින් මතුපිටට අඩි 16ක් පමණ පහළින් තියෙන දේවල් පවා ස්කෑන් කරන්න පුළුවන්. මේ ඇන්ටනා ඉතාම සැහැල්ලු නිසා යානය ගොඩබසින විට ඒවා නැවී ගොස් හානියක් නොවී ආරක්ෂා වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අනාගතයේදී අඟහරු මතට යන ගගනගාමීන්ට අවශ්ය ජලය, ඔක්සිජන් සහ ඉන්ධන ලබාගන්න පුළුවන් තැන් සොයාගන්න මේ කුඩා හෙලිකොප්ටර් යානා ඉතාම වැදගත් වේවි කියලා විද්යාඥයන් විශ්වාස කරනවා.

Discussion & Feedback