හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට පසුව අභ්යවකාශ විද්යාවේ තවත් දැවැන්ත පෙරළියක් සිදුකරමින් නාසා ආයතනයේ අලුත්ම ‘නැන්සි ග්රේස් රෝමන්’ අභ්යවකාශ දුරේක්ෂය අභ්යවකාශගත කිරීමට සියල්ල සූදානම් වෙලා තියෙනවා. මේ දැවැන්ත දුරේක්ෂය අභ්යවකාශයට රැගෙන යන්නේ ස්පේස්-එක්ස් (SpaceX) ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින්. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයේ සිට මෙය දියත් කිරීමට නියමිත අතර, පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.6ක් පමණ දුරින් පිහිටි ‘L2’ නම් ස්ථානය වෙත මෙය ගමන් කරනවා. කාලගුණික තත්ත්වයන් මත පදනම්ව හෙට දිනයේදී මෙය දියත් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.
මෙම දුරේක්ෂය ප්රමාණයෙන් සංචාරක බස් රථයකට සමාන වන අතර, එහි බර ටී-රෙක්ස් ඩයිනෝසරයෙකුගේ බරට සමාන බවයි නාසා නිලධාරීන් පවසන්නේ. හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට වඩා ඉතා පුළුල් දර්ශනයක් ලබා ගැනීමට මෙම නව දුරේක්ෂයට හැකියාව තියෙනවා. විශ්වයේ අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය ගැන පර්යේෂණ කිරීමටත්, වෙනත් තරු වටා ඇති ග්රහලෝකවල ඡායාරූප ලබා ගැනීමටත් මෙය යොදා ගන්නවා. විශේෂයෙන්ම ‘අපි විශ්වයේ තනිවෙලාද ඉන්නේ?’ වැනි මානව වර්ගයාගේ ගැඹුරුම ප්රශ්නවලට පිළිතුරු සෙවීමට මෙම දුරේක්ෂය විශාල දායකත්වයක් ලබා දෙනු ඇති. සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කර, 2027 වසරේ මුල් භාගයේදී මෙම දුරේක්ෂය මගින් ලබාගන්නා පළමු විද්යාත්මක ඡායාරූප අපට දැකගන්න පුළුවන් වේවි.

Discussion & Feedback