නාසා ආයතනය විසින් අභ්යවකාශගත කිරීමට නියමිත අති නවීන ‘නැන්සි ග්රේස් රෝමන්’ දුරේක්ෂය මගින් විශ්වයේ සිදුවන අතිශය භයානක සහ විස්මිත සිදුවීම් රැසක් හෙළි කරගන්න පුළුවන් වෙයි කියලා විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කළු කුහර විසින් තරු කැබලි කර ආහාරයට ගන්නා ‘ටයිඩල් ඩිස්රප්ෂන් ඉවෙන්ට්ස්’ (TDEs) ලෙස හැඳින්වෙන මෙම සිදුවීම්, විශ්වයේ මුල් කාලයේදී කොතරම් බහුලව සිදුවුණාද යන්න සොයා බැලීම මෙහි ප්රධාන අරමුණක්. තාරකාවක් කළු කුහරයකට ඉතා ආසන්නයට පැමිණි විට, එහි ඇති දැවැන්ත ගුරුත්වාකර්ෂණය නිසා තාරකාව ඇදීමකට ලක්වී විනාශ වී යන ආකාරය මෙම දුරේක්ෂය මගින් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්.
විශ්වය බිහිවී වසර බිලියන 11ක් හෝ 12ක් පමණ ගත වූ ‘කොස්මික් නූන්’ (Cosmic Noon) කාලයේදී පවා මෙම කළු කුහරවල ක්රියාකාරකම් සිදුවී ඇති බවට විද්යාඥයන් සැක කරනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සොයාගත් මුල්කාලීන දැවැන්ත කළු කුහරවල වර්ධනය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව පවතින ගැටලුව විසඳා ගැනීමට රෝමන් දුරේක්ෂය විශාල පිටුවහලක් වේවි. 2026 අගෝස්තු 30 වැනිදා දියත් කිරීමට නියමිත මෙම දුරේක්ෂය මගින් වසරකට දහස් ගණනක් මෙවැනි අභ්යවකාශ සිදුවීම් හඳුනාගැනීමට හැකි වනු ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙය අභ්යවකාශ විද්යාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, විශ්වයේ රහස් රැසක් අපට සමීප කරවනු නොඅනුමානයි.

Discussion & Feedback