අභ්යවකාශයේ සැඟවී සිටින බිහිසුණු කළු කුහර ගැන අලුත්ම තොරතුරු ටිකක් දැනගන්න නාසා ආයතනය සූදානම් වෙනවා. ඒ සඳහා ඔවුන් ‘නැන්සි ග්රේස් රෝමන්’ නමින් හඳුන්වන අති නවීන අභ්යවකාශ දුරේක්ෂයක් 2026 අගෝස්තු 30 වැනිදා අභ්යවකාශයට යවන්නයි සැලසුම් කරලා තියෙන්නේ. මේ දුරේක්ෂය මගින් විශ්වයේ ඈත අතීතයේ සිදුවුණු තාරකා විනාශ වීම් හෙවත් ‘ටයිඩල් ඩිස්රප්ෂන් ඉවෙන්ට්ස්’ (TDEs) ගැන හොයලා බලන්න පුළුවන්. කළු කුහරයක් තමන්ට ළංවෙන තාරකාවක් දරුණු ලෙස ඇදගෙන විනාශ කරන මේ සිදුවීම්, විශ්වයේ මුල් කාලයේ කළු කුහර කොහොමද මෙතරම් වේගයෙන් විශාල වුණේ කියන රහස හෙළි කරගන්න විද්යාඥයන්ට ලොකු උදව්වක් වේවි.
විශ්වයේ වයස අවුරුදු බිලියන 11ක් හෝ 12ක් වගේ කාලයකදී, ඒ කියන්නේ ‘කොස්මික් නූන්’ කියලා හඳුන්වන කාලයේදී පවා මේ වගේ සිදුවීම් බහුලව වෙලා තියෙන බවයි නවතම පර්යේෂණවලින් පේන්නේ. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් විශ්වයේ මුල් කාලයේ තිබුණු විශාල කළු කුහර ගැන තොරතුරු ලැබුණත්, ඒවා කොහොමද එතරම් ඉක්මනින් වර්ධනය වුණේ කියන එක තවමත් ලොකු ප්රශ්නයක්. රෝමන් දුරේක්ෂය මගින් වසරකට දහස් ගණනක් මෙවැනි අභ්යවකාශ සිදුවීම් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ දත්ත හරහා විශ්වයේ ආරම්භයේ සිදුවුණු අභිරහස් රැසක් විසඳගන්න විද්යාඥයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback