ඇමරිකාවේ පැවැත්වීමට නියමිත මධ්යකාලීන මැතිවරණය ඉලක්ක කරගෙන විශ්රාමික නාසා ගගනගාමීන් පිරිසක් අලුත් වැඩකට අතගහලා තියෙනවා. ‘Astronauts for America’ නමින් නම් කරපු මේ සංවිධානය හරහා ඔවුන් උත්සාහ කරන්නේ රටේ තරුණ පරපුර ඡන්ද පොළට ගෙන්වාගෙන ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගන්න පෙළඹවීමයි. කැලිෆෝනියා විද්යා මධ්යස්ථානයේදී මේ පිළිබඳව අදහස් දක්වපු ගගනගාමීන් කිව්වේ, අභ්යවකාශයට ගිය අපිට ලැබුණු නිදහස අද රට තුළ තර්ජනයට ලක්වෙලා තියෙන නිසා මේ වගේ පියවරක් ගන්න සිද්ධ වුණා කියලයි.
මේ ගගනගාමීන් පිරිස ඉදිරි මාස හතර පුරාවටම ඇමරිකාව පුරා තියෙන විශ්වවිද්යාල සහ විද්යාලවලට ගිහින් තරුණ ඡන්දදායකයන්ව දැනුවත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඔවුන්ගේ පණිවිඩය ඉතාම සරලයි; ඒ තමයි ඔබේ එක කුඩා පියවරක් රටේ අනාගතය වෙනුවෙන් තියෙන විශාල පිම්මක් කියන එක. විශේෂයෙන්ම වර්තමානයේ ඡන්ද අයිතිය සීමා කරන්න දරන උත්සාහයන් ගැන කතා කරපු හිටපු නාසා පරිපාලක චාලි බෝල්ඩන් කිව්වේ, ඡන්දය කියන්නේ අපේ රටේ අනන්යතාවය බවත්, ඒක ආරක්ෂා කරගන්න තරුණ පරපුර අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ කියලයි. අභ්යවකාශයේ අත්දැකීම් ලබපු මේ වීරයන් දැන් උත්සාහ කරන්නේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තරුණයන්ව පෙළගස්වන්නයි.

Discussion & Feedback