ඇමරිකාවේ විශ්රාමික නාසා අභ්යවකාශගාමීන් පිරිසක් මේ දිනවල අලුත් වැඩකට අතගහලා තියෙනවා. ඒ තමයි රටේ තරුණ පරපුර ඡන්දය දීමට උනන්දු කරවීම. ‘ඇස්ට්රොනෝට්ස් ෆෝ ඇමරිකා’ නමින් නම් කරපු මේ සංවිධානය, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කරගෙන විශ්වවිද්යාල සහ විවිධ ප්රදේශවල සංචාරය කරමින් තරුණ ඡන්දදායකයන්ව දැනුවත් කරන්න සැලසුම් කරලා තියෙනවා. අභ්යවකාශයේ අභියෝග ජයගත් මේ වීරයන් දැන් උත්සාහ කරන්නේ රටේ ප්රජාතන්ත්රවාදය සහ නිදහස රැකගන්න තරුණයන්ගේ සහය ලබාගන්නයි.
මේ වැඩසටහන ගැන අදහස් දක්වපු හිටපු අභ්යවකාශගාමී ස්ටීව් ස්මිත් කිව්වේ, ‘ඡන්ද පොළට යන එක ඔයාලට පොඩි පියවරක් වුණාට, රටට නම් ඒක විශාල පිම්මක්’ කියලයි. ඇත්තටම අද වෙනකොට රටේ පවතින දේශපාලන වාතාවරණය හමුවේ තරුණ පරපුරේ හඬ ඉතාමත් වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඡන්ද අයිතිය සීමා කිරීමට දරන උත්සාහයන් පරාජය කරමින්, ප්රජාතන්ත්රවාදී අයිතිය සුරක්ෂිත කරගැනීම තමයි මේ මෙහෙයුමේ ප්රධාන අරමුණ වෙලා තියෙන්නේ.
මේ ගමන මාස හතරක් පුරා රට පුරා විසිරී පවතින විශ්වවිද්යාල සහ විද්යාල ආශ්රිතව ක්රියාත්මක වෙනවා. තමන්ගේ ජීවිත කාලය පුරාම විද්යාව සහ නීතිය වෙනුවෙන් පෙනී හිටපු මේ අභ්යවකාශගාමීන්, තරුණ පරපුරට කියන්නේ රටේ අනාගතය තීරණය කිරීමේ බලය තියෙන්නේ ඔවුන්ගේ ඡන්දය තුළ බවයි. ඇමරිකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ආකාරයේ මැදිහත්වීමක් දකින්න ලැබීම ඉතාමත් විශේෂ සිදුවීමක්.

Discussion & Feedback