මේ දවස්වල ලෝකයම පාපන්දු උන්මාදයෙන් වෙලී ඉන්න වෙලාවක නාසා ආයතනයෙන් හරිම අපූරු ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි, මෙවර පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලානය ඇමරිකානු කණ්ඩායම ජයග්රහණය කළොත්, නිල පාපන්දු පන්දුවක් සඳ මතට යවන්න නාසා ආයතනය තීරණය කරලා තියෙනවා කියලා. මේ ගැන නාසා ප්රධානී ජැරඩ් අයිසැක්මන් සඳහන් කළේ ඇමරිකානු ක්රීඩකයන්ව දිරිමත් කරන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලයි. මීට කලින් ඇපලෝ 14 මෙහෙයුමේදී ඇලන් ෂෙපර්ඩ් සඳ මත ගොල්ෆ් ක්රීඩා කළා වගේ, මේ පාර පාපන්දු පන්දුවක් සඳට යවන්න තමයි ඔවුන් සැලසුම් කරන්නේ.
ඇත්තටම මේක නාසා ආයතනයේ ආටෙමිස් සඳ ගවේෂණ වැඩසටහනේ කොටසක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඇමරිකානු කණ්ඩායමට මේ ලෝක කුසලානය දිනාගන්න නම් තව ගොඩක් අභියෝග ජයගන්න වෙනවා. මොකද ඔවුන්ට ස්පාඤ්ඤය වගේ ප්රබල කණ්ඩායම් එක්ක තරග කරන්න සිද්ධ වෙන නිසා. කොහොම වුණත්, මේ වැඩේ ඇත්තටම සිද්ධ වුණොත් ඒක අභ්යවකාශ ඉතිහාසයට වගේම ක්රීඩා ඉතිහාසයටත් ලොකු එකතු කිරීමක් වෙයි. දැනටමත් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයට පාපන්දු පන්දුවක් යවලා අභ්යවකාශගාමීන් ඒකත් එක්ක සෙල්ලම් කරන වීඩියෝ පවා නාසා ආයතනය සමාජ මාධ්යවල බෙදාගෙන තිබුණා. ඉතින් ඇමරිකානු කණ්ඩායම මේ දස්කම කරලා පන්දුව සඳට යවයිද කියලා බලන්න දැන් ලෝකෙම ඉන්නේ ලොකු කුතුහලයකින්.

Discussion & Feedback