නාසා ආයතනය විසින් අලුතින්ම සැලසුම් කරන ‘Habitable Worlds Observatory’ (HWO) කියන අභ්යවකාශ දුරේක්ෂය ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ දුරේක්ෂයේ විශේෂත්වය තමයි, පෘථිවිය වගේම ජීවය පවතින්න පුළුවන් ග්රහලෝක හොයාගන්න එක. හබල් දුරේක්ෂය වගේ නෙවෙයි, මේක පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 1.5ක් විතර ඈතින් තියෙන L2 කියන ස්ථානයේ තමයි ස්ථාපිත කරන්න නාසා එක බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක අලුත්වැඩියා කරන එක හරිම අභියෝගාත්මක වැඩක් වෙලා තියෙනවා.
මීට කලින් හබල් දුරේක්ෂය අලුත්වැඩියා කරන්න ගගනගාමීන් ගියාට, මේ දුරේක්ෂය තියෙන දුර නිසා මිනිස්සුන්ට එතැනට යන එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා නාසා එක දැන් කල්පනා කරන්නේ රොබෝ තාක්ෂණය පාවිච්චි කරලා මේ දුරේක්ෂය අලුත්වැඩියා කරන්න සහ නඩත්තු කරන්නයි. සමහර විට දුරේක්ෂයේ කොටස් අභ්යවකාශයේදීම එකලස් කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කළොත්, දුරේක්ෂයේ ආයු කාලය වැඩි කරගන්න වගේම අලුත් තාක්ෂණික දේවල් එකතු කරලා ඒක තවත් දියුණු කරන්නත් අපිට පුළුවන් වෙනවා.
මේ ව්යාපෘතිය හරහා අභ්යවකාශයේ තියෙන කුඩා උල්කාපාත වගේ දේවල් නිසා වෙන හානි පවා රොබෝවරුන් ලවා අලුත්වැඩියා කරගන්න නාසා එක බලාපොරොත්තු වෙනවා. දැනට මේ දුරේක්ෂයේ සැලසුම් වැඩ සිද්ධ වෙන ගමන් තියෙන්නේ. කොහොම වුණත්, මේ වගේ අලුත් උත්සාහයක් නිසා අනාගතයේදී විශ්වයේ තියෙන රහස් හොයාගන්න අපිට තවත් ලොකු අවස්ථාවක් ලැබෙනවා.

Discussion & Feedback