නාසා ආයතනය විසින් අභ්යවකාශයේ පිටසක්වල ජීවීන් සහ පෘථිවියට සමාන ග්රහලෝක සෙවීම සඳහා අලුත්ම දුරේක්ෂයක් නිර්මාණය කරමින් ඉන්නවා. ‘Habitable Worlds Observatory’ (HWO) ලෙස නම් කර ඇති මෙම දුරේක්ෂය, මීට පෙර තිබූ හබල් දුරේක්ෂයට වඩා වෙනස් වන්නේ එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් පමණ දුරින් පිහිටි L2 කලාපයේ ස්ථාපනය කිරීමට නියමිත නිසයි. හබල් දුරේක්ෂය අභ්යවකාශගාමීන්ට ගොස් අලුත්වැඩියා කිරීමට හැකි වුණත්, HWO දුරේක්ෂය එතරම් දුරකින් පිහිටා ඇති නිසා මිනිසුන්ට එහි යාම ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා.
මේ නිසා නාසා ආයතනය සැලසුම් කරන්නේ රොබෝ තාක්ෂණය භාවිත කරමින් මෙම දුරේක්ෂය අලුත්වැඩියා කිරීමට සහ නඩත්තු කිරීමටයි. අභ්යවකාශයේදී කොටස් එකලස් කිරීම, කැඩුණු තැන් අලුත්වැඩියා කිරීම සහ නවීන තාක්ෂණයන් එකතු කිරීම වැනි දේවල් රොබෝවරුන් හරහා සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අභ්යවකාශයේ ඇති කුඩා උල්කාපාත නිසා සිදුවන හානි පවා රොබෝවරුන් මගින් සකස් කර ගැනීමට හැකි වේවි කියලා විද්යාඥයන් විශ්වාස කරනවා. මේ ව්යාපෘතිය හරහා අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවනු ඇති අතර, එය අපේ විශ්වය පිළිබඳ දැනුම තවත් පුළුල් කරනු නොඅනුමානයි.

Discussion & Feedback